ගැබිණි මව්වරුන් සිසේරියන් සැත්කම් සඳහා භාජනය කිරීමේදී යොදා ගන්නා 'හෙවි
මාකේන්' නම් වූ ඖෂධය රජයේ රෝහල්වල සහ පුද්ගලික ඔසුහල් වල ද නොමැති වීම
හේතුවෙන් ගැබිණි මව්වරු මෙන්ම වෛද්‍යවරු ද දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.
පුද්ගලික ඔසුහල් වලින් රුපියල් 500 ට ආසන්න මුදලකට මිලදී ගත හැකිව තිබූ
'හෙවි මාකේන්' නමැති ඖෂධය සැත්කමට භාජනය කරන තැනැත්තාගේ සිරුරේ පහළ කොටස
හිරිවැට්ටවීම සඳහා භාවිතා කරන ලද්දකි. සිසේරියන් සැත්කම් සඳහා බහුලව භාවිතා
කරන ලද මෙම ඖෂධය උදරයේ සහ සිරුරේ පහළ කොටසේ වෙනත් සැත්කම් සඳහා ද භාවිතා
කළ බව නිර්වින්දන වෛද්‍යවරු පවසති. මෙම ඖෂධය නොමැති වීම හේතුවෙන් 'ප්ලේන්
මාකේන් ' නමැති ඖෂධයක් ඒ වෙනුවට රෝහල්වල මේ දිනවල භාවිතා කරයි. වෛද්‍යවරු
පවසන්නේ 'හෙවි මාකේන් ' ඖෂධයේ ග්ලූකෝස් කාණ්ඩයක් ඇතත් 'ප්ලේන් මාකේන්' හි
ග්ලූකෝස් නොමැති බවයි.
සැත්කමට භාජනය වන පුද්ගලයාට 'හෙවි මාකේන්' ලබා දීමේදී එහි ක්‍රියාකාරීත්වය
ගැන අවබෝධයක් නිර්වින්දන වෛද්‍යවරයාට තිබුණ ද එම වෛද්‍යවරු පවසන්නේ දැන්
භාවිතා වන 'ප්ලේන් මාකේන්' හි එවැනි පාලනයක් නොමැති බවයි. ඇතැම් අවස්ථාවලදී
එය අවශ්‍ය ප්‍රමාණයට වඩා ක්‍රියාකාරී වන බවත්, තවත් විටෙක ක්‍රියාකාරී
නොවන බවත් නිර්වින්දන වෛද්‍යවරු පවසති.
ගැබිණි මව්වරු බොහෝ දෙනෙකේ පෞද්ගලික සායන
වළදී ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ උපදෙස් පතති. මෙසේ සායන වලට සහභාගි වන
මව්වරුන්ගෙන් විවිධ සංකූලතා ඇති මව්වරුන්ට ලැබෙන උපදේශය වන්නේ දරු
ප්‍රසුතිය සිසේරියන් සැත්කමකින් කළ යුතු බවයි. ඇතැම් ගැබිණි මව්වරු ද සිය
කැමැත්තෙන් සිසේරියන් සැත්කම් වලට ඉදිරිපත් වෙති.
ඖෂධය ඉක්මණින් ගෙන්වීමට කටයුතු කරන බව සෞඛ්‍ය බලධරයෝ කියති.
0 comments:
Post a Comment