Home » » Security up at Lankan mission in Chennai after ‘bomb’ threat

Security up at Lankan mission in Chennai after ‘bomb’ threat

ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ද බුද්ධගයාවට මෙන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලිපියකින් ලැබුණු තර්ජනාත්මක පණිවිඩයක් හේතුවෙන් එහි ආරක්ෂාව දැඩි කර තිබේ.

පෙරේදා (සිකුරාදා) එම කාර්යාලයට ලැබුණු ලිපියකින් මෙම තර්ජනාත්මක පණිවිඩය ලැබී ඇති අතර ඒ අනුව ඉන්දීය පොලීසිය ලිපිය තැපැල් කළ පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරන බව සඳහන් කර තැපැල්පතක එම පණිවිඩය එවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ නිසා චෙන්නායි පොලීසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ස්ථානාධිපතිවරයෙකු, ඇතුළුව අවම නිලධාරීන් 35 දෙනෙකු එම ස්ථානයේ ආරක්ෂාවට යොදා ඇතැයි ද එම වාර්තාවල දැක්වෙයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතාගෙන් විමසීමක් කළේය.

එහිදි ඔහු පැවසුවේ පසුගියදා බුද්ධගයාවට එල්ල වු ප්‍රහාරයත් සමඟ ඉන්දියාවේ පිහිටි සියලුම ශ්‍රී ලාංකික ආයතනවල ආරක්ෂව තර කරන ලෙස ඉන්දීය මධ්‍යම රජයට සහ ප්‍රාන්ත රජයන්වලට දැනුම් දී ඇති බවයි.

ඒ අනුව ඔවුන් අවශ්‍ය ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බව ද කරුණාතිලක අමුණුගම මහතා පැවසීය.

පසුගියදා ඉන්දියාවේ බුද්ධගයා විහාරය ආශ්‍රිතව ද බෝම්බ වැලක් පුපුරා ගිය අතර ඉන් හිමිනමක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලැබීය.

මෙම සිද්ධියත් සමග බුද්ධගයාව ආශ්‍රිත ප්‍රදේශයේද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ඉන්දීය රජය ක්‍රියාත්මක කර තිබේ.

0 comments:

Post a Comment