Home » » valva supercross

valva supercross


උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පසුගියදා පැවති ‘වලව සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලියේ යතුරුපැදි අංශයෙන් විශිෂ්ට දස්කම දැක්වීමට ගයාන් සඳරුවන් සමත් වය. අශාන් සිල්වා රියැදුරන් අතරේ කැපීපෙනෙන දස්කම් දක්වමින් නරඹන්නන්ගේ අවධානය දිනාගත්තේය.
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් පළමු යතුරුපැදි තරගය දෙවැනියා ලෙසින්ද, දෙවැනි තරගය පළමු වැනියා ලෙසින්ද නිමකළ ගයාන් සඳරුවන් එම්. එක්ස්. කාණ්ඩයේම විවෘත රේසිං යතුරුපැදි තරගයද ජයගත්තේ පැමිණ සිටි නරඹන්නන් කුල්මත් කරමිනි.  
පළමු තරගය අතරමැද අනතුරකට ලක්වීමෙන් ධාවන පථය මත ඇද වැටුණද, ඉන් නොසැළි නැවතත් තරගයට අවතීර්ණවූ ගයාන් එම තරගය නිමාකළේ ඔහුගේ ප‍්‍රභලම ප‍්‍රතිවාදියා ලෙස සැලකෙන ශෙහාන් සී. අධිකාරිට පමණක් දෙවැනි වෙමිනි. තමන් සහභාගීවූ ඉතිරි තරග 2 ද විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ගයාන් සමත්වූයේ එම තරග දෙකේදීම ශෙහාන් සී. අධිකාරි දෙවැනි ස්ථානයට පත්කරමිනි. දේශාන් සොලංකි, සමීර පේ‍්‍රමරත්න සහ රුමීෂ බුල්ජන්ස් පිළිවෙළින් එම තරග වලදී තෙවැනි ස්ථාන වලට පත්වූහ.
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මොටර් රථ තරගය දෙවැනියා ලෙස නිමා කළ අශාන් සිල්වා, එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරගය ජයගත්තේ සෆ්රාස් ජුනයිඞ්, ශාන්ත සුරවීර සහ ඉශ්රාක් වහබ් තිදෙනාම පරාජය කරමිනි.
කෙසේ වෙතත් එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) ප‍්‍රබලතම තරගකරුවන් වන අරවින්ද පේ‍්‍රමදාස, පසිඳු පීරිස් සහ දිනේෂ් දෙහෙරගොඩ මෙම තරගාවලියට සහභාගී නොවීම හේතුවෙන් මෝටර් රථ අංශයේ තරගකාරීත්වය තරමක් අඩුවූ බවක් දැකගත හැකිවිය.
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරග ඉසව් දෙකම (සි. ධා. 1300 දක්වා සහ සි. ධා. 1500 දක්වා) ජය ගැනීමට කුෂාන් පීරිස් සමත්වූයේ එම කාණ්ඩයේ ප‍්‍රබල මෝටර් රථ ධාවකයකු වන උපුල්වන් සේරසිංහ සහ නැගී එන මෝටර් රථ ධාවකයකු වන දමිත් වීරසිංහ පරාජය කරමිනි. ඉන් නොනැවතුන කුෂාන් එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු මෝටර් රථ තරගයේද තෙවැනි ස්ථානයට පත්විය.
සුපිරි යතුරුපැදි තරග ඉසව්වේ වැඩි ගෞරව හිමිකරගනිමින් එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපිරි යතුරු පැදි තරගය ජයගැනීමට උදික ශී‍්‍රමාල් මලවිගේ සමත්විය.
යුද හමුදාව නියෝජනය කරන සමීර පේ‍්‍රමරත්න සන්නද්ධ සේවා සඳාහා පැවති එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා සහ සි. ධා. 125 සිට 250 දක්ව) යතුරුපැදි තරග 2 ම ජයගනිමින් සන්නද්ධ සේවා වල යතුරුපැදි ශූරයා බවට පත්විය. ජේක්ස් ගුණවර්ධන අවුරුදු 16 න් පහළ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 සිට 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි යතුරුපැදි තරග 2 ම කිසිදු අපහසුවකින් තොරවම ජයගත් අතර ගයාන් සඳරුවන්ගේ සොහොයුරු ශානුක සඳරුවන්ද යතුරුපැදි අංශයේ ද්විත්ව ජයග‍්‍රහණයකට හිමිකම් කීවේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තු විසින් ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සමග එක්ව සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ් ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දැරුවේ කොස්වේ පේන්ට්ස් ආයතනයි.. ඞීමෝ, මහජන බැංකුව, හොණ්ඩා සහ සිංගර් යන ආයතන තරගාවලියේ සම අනුග‍්‍රහකයන් ලෙස කටයුතු කළහ.

තරග ප‍්‍රතිඵල

එම්. කාණ්ඩයේ සන්නද්ධ සේවා සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි
1  නිහල් විජේරත්න (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
2  මධුර පීරිස් (කේ. ටී. එම්. 125)
3  රංජිත් සමරවීර (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) සමාන්‍ය මොටර් රථ
1  උශාන් ද සිල්වා (නිසාන් මාර්ච් 1000)
2  දමිත් වීරසිංහ (ඩයිහට්සු චැරේඞ් 1000)
3  ගයාන් රණතුංග (නිසාන් මාර්ච් 1000)
ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 13 න් පහළ)
1  වෙනුෂ්ක සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 85)
2  භානුක රත්නායක (කවසාකි කේ. ඞී. එකස්. 85)
3  කවිඳු ටී. කෙවිටියගල (හොණ්ඩා සී. ආර්. 85)
ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ සන්නද්ධ සේවා මෝටර් රථ
1  දුමින්ද ජයසිංහ (ලෑන්ඞ් රෝරර් ඩිෆෙන්ඩර් 2400)
2  ඉන්දු සමරකෝන් (මිට්සුබිශී පෙජරෝ 2500)
3  රන්දි ජයසිංහ (ටොයොටා ලෑන්ඞ් කෲසර් 3000)
එම්. එක්ස්. කාණ්ඩයේ සන්නද්ධ සේවා (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි
1  සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
2  නිහල් විජේරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3  මිතුන් ජයසංක සිගේරා (හොණ්ඩා සී. ආර්. 125)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ
1    කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
2    දමිත් වීරසිංහ (මැස්ඩා ෆැමිලියා 1300)
3    උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි
1    නිහල් විජේරත්න (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
2    මධුර පීරිස් (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
3   රංජිත් සමරවීර (කේ. ටී. එම්. 125)
එස්. එල්. ඒ. කාණ්ඩයේ  (සි. ධා. 1000 දක්වා) කුඩා 7 මෝටර් රථ
1  කේ. පරමේෂ්වරන් (ඔස්ටන් මිනි 1000)
2  කේ. බාලසිංහම් (ඔස්ටන් මිනි 1000)
3  චතුර විජේරත්න (මොරිස් මිනි 1000)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 සිට 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය (වයස අවුරුදු 16 න් පහළ)
1  ජේක්ස් ගුණවර්ධන (කේ. ටී. එම්. 85)
2  බිනුල කිතලගම (හොණ්ඩා සී. ආර්. 85)
3  කසුන් ටී. වික‍්‍රමාරච්චි (කවසාකි කේ. එස්. 85)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක‍්‍රාස් යතුරුපැදි පළමු තරගය
1  ෂෙහාන් සී. අධිකාරි (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2  ගයාන් සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3  දේශාන් සෝලංකි (සුසුකි ආර්. එම්. ඉසෙඞ් 250)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු මෝටර් රථ තරගය
1  ටිරෝන් හෙන්ඳාවිතාරණ (සුබාරු ලෙගාසි 2200)
2  හශේන් පසිඳු (සුබාරු ලෙගාසි 2200)
3  කුෂාන් පීරිස් (සුබාරු ලෙගාසි 2200)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1  ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
2  සම්පත් කුමාර (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3  වින්ස්ටන් ඩයස් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මොටර් රථ
1  ඉශ්රක් වහබ් (හොණ්ඩා සිවික් එස්. අයි. ආර්. 1600)
2  අශාන් සිල්වා (හොණ්ඩා සිවික් 1600)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි
1  රුමීෂ බුල්ජන්ස් (යමහා වයි. ඉසෙඞ්. 125)
2  සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3  නිහල් විජේරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 සිට 150 දක්වා) මොටොක්‍රොස් යතුරු පැදි දෙවැනි තරගය (වයස අවුරුදු 16 න් පහළ)
1  ජේක්ස් ගුණවර්ධන (කේ. ටී. එම්. 85)
2  ඉවෝන් බී. ගුණසිංහ (හොණ්ඩා සී. ආර්. 85)
3  කසුන් ටී. වික‍්‍රමාරච්චි (කවසාකි කේ. එස්. 85)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ
1  කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1500)
2  උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
3  දුමින්ද ජයසිංහ (ෆෝඞ් ලේසර් 1500)
එම්. එක්ස්. කාණ්ඩයේ සන්නද්ධ සේවා (සි. ධා. 125 සිට 250 දක්වා) යතුරුපැදි
1  සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 125)
2  මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 125)
3  නිහල් විජේරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ (සි. ධා. 5500 දක්වා) මෝටර් රථ
1  දුමින්ද ජයසිංහ (ලෑන්ඞ් රෝවර් ඩිෆෙන්ඩර් 2400)
2  බුද්ධික රුක්ලන්ත (මිට්සුබිශී පෙජරෝ 2800)
3  ඩෙන්සන් කුමාර (ටොයොටා 2500)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 250 දක්වා) සුපිරි යතුරුපැදි
1    උදික ශී‍්‍රමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ් 250)
2    ඉරන්ත තාරුක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3   සුදීප් විදර්ෂික (කවසාකි කේ. එක්ස්. එෆ්. 250)
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) මෝටර් රථ
1  ශෆ්රාස් ජුනයිඞ් (හොණ්ඩා ඊ. ආර් VII, 1500)
2  ඉර්ෆාන් ෆෝඞ් (ෆොර්ඞ් ලේසර් 1500)
3  කලීම් ඉක්බාල් (සුසුකි කල්ට්ස් 1300)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1  ගයාන් සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2  ශෙහාන් සී. අධිකාරි (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3  සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 125)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ
1 ප‍්‍රදීප් විජේසිරිවර්ධන (සුසුකි ස්විෆ්ට් 1300)
2 බුද්ධික රුක්ලන්ත (සුසුකි ස්විෆ්ට් 1300)
3 ශාන්ත සුරවීර (සුසුකි ස්විෆ්ට් 1300)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනිතරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1  ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
2  සම්පත් කුමාර (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3  වින්ස්ටන් ඩයස් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)
එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මොටර් රථ තරගය
1  අශාන් සිල්වා (මිට්සුබිශී එවොලූෂන් VII, 2000)
2  ශෆ්රාස් ජුනයිඞ් (සුබාරු ඊ. ආර්. III 2000)
3  ශාන්ත සුරවීර (සුබාරු ඉම්ප්‍රෙසා 2000)
එම්. එක්ස්. කාණ්ඩයේ විවෘත රේසිං යතුරුපැදි තරගය
1  ගයාන් සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2  ෂෙහාන් සී. අධිකාරි (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3  රුමීෂ බුල්ජන්ස් (යමහා වයි. ඉසෙඞ්. 125)
ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය
1  දිනේෂ් සේනානායක (ටොයොටා ආර්. ඒ. වී. IV 2000)
2  මංජුල විජේසිංහ (මිට්සුබිශී 2500)
3  ඩෙන්සන් කුමාර (ටොයොටා 2500)
ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි  (වයස අවුරුදු 10 න් පහළ)
මෙම තරගය ප‍්‍රදර්ශන තරගයක් ලෙස පැවැත්වීම හේතුවෙන් තරගය නිමා කළ සියලූම තරගකරුවන්ට සහතිකපත් පිරිණැමිණ.

0 comments:

Post a Comment