Home » » No SLFP Parliamentarians to be allowed to contest PC elections

No SLFP Parliamentarians to be allowed to contest PC elections

එළඹෙන පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට ඉඩනොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ පිළිබඳ පක්ෂය මේවන විට තීරණය කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ අද (15) මීගමුව මහ රෝහලේ නවතම වාට්ටුවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් පසු අද දෙරණ මාධ්‍යවේදියා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමිනි.

එබැවින් යම් කිසිවෙකු උතුරු, මධ්‍යම හෝ වයඹ පළාත් සඳහා නාම යෝජනා දීමට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුවහොත් ඔහු හෝ ඇය ගෙන්වා පක්ෂයේ ස්ථාවරය පිළිබඳ දැනුවත් කරන බව හෙතෙම සඳහන් කළේය.

0 comments:

Post a Comment