Home » » Chris Gayle scores fastest century in cricket history

Chris Gayle scores fastest century in cricket history

 අයි. පී. එල්. තරගාවලියේ 31 වැනි තරගය ලෙස පූනේ වොරියර්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර අද (23 වැනිදා) පැවති තරගයේදී පූනේ වොරියර්ස් පිල පරදවා ලකුණු 130 ක දැවැන්ත ජයක් ලබාගැනීමට බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්විය.

තරගයේ වීරයා බවට පත්වූ කි‍්‍රස් ගේල්ගේ ශතකය සඳහා වැයවී තිබුනේ පන්දු 30 ක් පමණි. ඉන් නොනැවතුන ගේල් පන්දු 66 කදී නොදැවී ලකුණු 175 ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 17 ක් සහ හතරේ පහර 13 ක් ද සමගිනි.

ගේල්ගේ පිත්තෙන් රැස්වුණ මෙම වේගවත් ලකුණු 175, මෙවර අයි. පී. එල්. තරගාවලියේදී වාර්තා වූ දෙවන ශතකය වන අතර එදා මෙදා තුර අයි. පී. එල්. ඉතිහාසයේ වේගවත්ම ශතකය සහ වැඩිම ලකුණු ප‍්‍රමාණය ලෙස වාර්තා පොත් වලට එකතුවිය.

තවද විස්සයි/20 තරගයකදී කී‍්‍රඩකයෙකු ලබාගත් වැඩිම හයේ පහර සංඛාව සහ හතරේ පහර සංඛාවද මෙයයි. 

ගේල් (175) සහ ඩිල්ෂාන් (33) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 167 ක සම්බන්ධතාවය ගොඩනැගීමට සමත්වූහ.

17 වැනි  ඕවරයේ පිටියට පිවිසි ඒ. බී. ඩිවිලියර්ස් පන්දු 8 කට පමණක් මුහුණ දී වේගවත් ලකුණු 31 ක් රැස්කරමින් ගේල්ට අගනා සහයක් ලබාදුන්නේය. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හතරේ පහර 3 ක් ඇතුළත්විය.

බැංගලෝර්  රෝයල් චැලෙන්ජර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 5 කට 263
(කි‍්‍රස් ගේල් නොදැවී 175, තිලකරත්න ඩිල්ශාන් 33, විරාට් කෝලි 11, ඒ. බී. ඩිවිලියර්ස් 31, අශෝක් ඩින්දා 48/2) 

පූනේ වොරියර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 9 කට 133
(එරොන් ෆින්ච් 18, යුවරාජ් සිං 16, ස්ටීවන් ස්මිත් 41, මිචෙල් මාර්ෂ් 25, මිතුන් මැනස් නොදැවී 11, කි‍්‍රස් ගේල් 5/2, රවී රාම්පාල් 21/2, ජාදේව් උන්කඞ් 38/2)

(**)

0 comments:

Post a Comment