Home » » Siri parakum sinhala movie Watch online

Siri parakum sinhala movie Watch online

 දඹදෙණිය යුගයේ රජකම් කළ දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ ළමාවිය ඇසුරු කරගනිමින් ආචාර්ය සෝමරත්න දිසානායක නිර්මාණය කළ අති දැවැන්ත සිනමා කෘතිය ‘සිරි පැරකුම්’ එළඹෙන මැයි මාසයේ මුල සතියේ සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ තිරගතවීමට නියමිතය.

ජනප්‍රවාදය ඇසුරෙන් සෝමේ විසින් තිරරචනය කළ මෙහි නිෂ්පාදන බරපැන රේණුකා බාලසූරිය ගෙන්ය.

සෝමෙ - රේණු යුවළ පළමුවරට තිරයට ගෙන එන ඓතිහාසික කතාපුවතක් රැගත් චිත්‍රපටය වන ‘සිරි පැරකුම්’ පැරකුම් කුමරු සැබවින්ම ජීවත්වූ දඹදෙණිය ප්‍රදේශයේම රූගත කොට තිබීම විශේෂත්වයකි.

පෙර චිත්‍රපටයන්හි මෙන්ම සෝමෙ රේණුකා මෙම සිනමා පටය ඔස්සේ ද නව පරපුරක් හෙළ සිනමාවට හඳුන්වා දෙයි. ඒ අතර අප නිළිරැජනට නෑකම් කියන අයකුද වෙයි. ඒ පැරකුම් කුමරුගෙ බිසව සිරිමල් එතනාගේ චරිතය මවන සෙනාලි ෆොන්සේකායි. ඇය මාලනියගේ සහෝදර උපාලි ෆොන්සේකාගේ දියණියයි.

එපමණක්ද නොව පැරකුම් කුමරු ලෙස රඟනුයේ රංගනවේදී ජැක්සන් සහ කුමාරි මුණසිංහ යුවළගේ පුතු අකිල ධනුද්ධරය. මේ අයට අමතරව ප්‍රමුදිත උදය කුමාර, සවින් චතුරංග, සෙනංගා කැප්පෙටිපොළ, මිහිරි දේශප්‍රිය, සිනෙති අකිල, තරින්සා සිංහබාහු, මිනෝලි බාලසුරිය යන අය සිරිපැරකුම් සමඟින් සිනමාවට හඳුන්වාදෙන සෙසු කණ්ඩායමයි.

අනෙකුත් ප්‍රධාන චරිත පාලිත සිල්වා, චාන්දනී සෙනෙවිරත්න, බිමල් ජයකොඩි, දමයන්ති ෆොන්සේකා, සචිනි අයේන්ද්‍ර, අශාන් ඩයස්, දයාදේව එදිරිසිංහ, ජයනි සේනානායක, ගිරිරාජ් කෞශල්‍ය, සම්පත් තෙන්නකෝන්, ජයන්ත මුතුතන්ත්‍රී, රිටිගල සුමේද, ලලිත් ජනකාන්ත රඟනු ලබයි.

අශෝක අතාවුදහෙට්ටි සහාය අධ්‍යක්ෂවරයාය. අංග රචනයෙන් නාරද ධනංජි තොටගමුව එක්ව සිටියි. විශ්වා බාලසුරියගේ නිශ්චල ඡායාරූපකරණයකි. වෙනුක වික්‍රමආරච්චි ඇඳුම් නිර්මාණය කොට තිබේ. හීනටිගල ප්‍රේමදාස කලා අධ්‍යක්ෂවරයාය. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතයෙන් රසගන්වා ඇත. විශාරද හර්ෂන දිසානායක, සමන් ලෙසින්, සුවී මාලියද්ද, රෑනාර දිසානායක ගැයුමින් එක්වෙති. අජිත් රාමනායකගේ සංස්කරණයකි.

පාලිත පෙරේරා කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වී තිබේ.

ජනප්‍රවාද සහ ජනමූලාශ්‍ර උපයෝගිකොට ආචාර්ය සෝමරත්න මෙහි තිරරචනය සකස්කර ඇත.

පැරකුම් කුමරුගෙ චරිතයට පණපෙවූ අකිල ධනුද්ධරට මවගෙන් උණුසුම් සුබපැතුම්

සිරි පැරකුම් චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා කොළඹ වැල්ලවත්තේ සැවෝයි සිනමාහලේදී පැවැත්වුණා. චිත්‍රපටය අවසානයේ ශාලාවේ සිටි සියලු දෙනා අත්පොලසන් දුන්නේ එය අතිශය හෘදයාංගම චිත්‍රපටයක් වූ බැවින්.

බොහෝ දෙනාගේ මතය වූයේ සෝමරත්න දිසානායක නිර්මාණය කළ විශිෂ්ටතම සිනමාකෘතිය මෙය බවයි. චිත්‍රපටය නිමවූ වහාම ශාලාවේ ඉදිරිපෙළ අසුනක වාඩිවී සිටි චිත්‍රපටයේ පැරකුම් කුමරුගේ තරුණ විය රඟපෑ අකිල ධනුද්ධර එක වර නැගී සිටියා. ඒ

ත් එක්කම නැගිට සිටි ඔහුගේ මව කුමාරි මුණසිංහ තම පුතුගේ හිස ආදරයෙන් සිඹගෙන මොහොතක් ආශිර්වාද කළා. ඇයගේ ඇස්වල පුතුස්නේහය පිරුණු කඳුළු සියල්ලන්ටම පෙනුණා. පුතුගේ දස්කම් ගැන වැඩියෙන්ම ආඩම්බරවන්නේ අම්මලා හැර වෙන කවුරුන්ද? තම ආදරණීය සැමියා වූ අපේ පරපුරේ රංගධර ජැක්සන් ඇන්තනිගේ හැකියාවන් තමන්ගේ කලා කුසලතාවයනුත් තම වැඩිමහල් පුතු ලොවට දායාදකරන අන්දම කුමාරිට එදා සිතෙන්නට ඇති.

ප්‍රසාද්

0 comments:

Post a Comment