Home » » Chat With virajani vishvalanka

Chat With virajani vishvalanka

 වෛද්‍යවරියක් හා ගායිකාවක් වීම මගේ ආසාවයි
ගායන ක්ෂේත්‍රයට අවතීර්ණවීමට මඟක් සොයමින් සිටි විරාජනී විශ්ව ලංකාට සිරස සුපර් ස්ටාර් පස්වැනි අදියර තම හීනය කරා යාමට කදිම වේදිකාවක් විය. ක්‍රම ක්‍රමයෙන් අවසාන දොළොස් දෙනා අතරට පැමිණ, ජනතා ආකර්ෂණයට පත් වූ ඇය විවිධ ශෛලියේ ගීත ගැයීමට මහත් හපනියක් වූවාය.

විරාජනී සුපිරි තරු සොයා යාමේ තරගයෙන් පසුගියදා ඉවත් වූයේ අවසාන සුපිරි තරු දොළොස් දෙනා අතරින් අටවැනියා හැටියටයි.
* ඔබ ‘සුපර් ස්ටාර්’ අයැදුම්කිරීම පිටුපස අමුතු කතාවක් තියනවා. පළමුව ඒක කියමු?

මං කවදා හරි හිතාගෙන හිටියේ අධ්‍යාපන කටයුතුª හමාර කොට ගායනයට පිවිසෙන්න. මීට ප්‍රථම රියැලිටි තරගවලට අයැදුම් නොකළේ ඒකයි. ඔන්න එක්තරා රැයක පාන්දර තුනට විතර මාව ඇහැරුණා. එතකොටත් මං සිහිනයක් දකිමින් හිටියේ. හීනයේ මම සුපර් ස්ටාර් සඳහා ඇප්ලයි කරනවා. ඔය කාලෙ තමයි සුපර් ස්ටාර් පස්වැනි අදියරට අයැදුම්පත් එවන්න කියලා තිබුණේ. මං ඒ සිහියෙන් හිටපු නිසා හීනෙනුත් ඒක දකින්න ඇති. ගැස්සිලා ඇහැරුණුු ගමන් මං එවලේම ඇප්ලිකේෂන් එකක් හදලා එළිවුණ ගමන්ම තැපැල් කළා.
* ඔබ මීට ප්‍රථම මේ වගේ සිහින දැකලා නැද්ද?

අනේ නැහැ.
* පළමු වටයේ තරග වැදුණු දින මතකද?

මට එදින අද වගේ මතකයි. මට කිසිදු චකිතයක් තිබුණේ නැහැ. මං හිතා ගත්තා මෙතන චණ්ඩියා මං කියලා. එහෙම හිතාගෙන ගීතය කිව්වා.
* ඔබ මුල් කාලයේ ගැයුවේ සුජාතා අත්තනායක වැනි ගායිකාවන්ගේ ගීත. නමුත් පසුව රොක් ගායනා ශෛලියට නිර්මාණය වූ ගීතයි ගැයුවේ?

රොක් ගැයීම මට ලැබුණු අභියෝගයක්. මං ඒක හොඳින් ජය ගත්තා. මමත් පසුවයි දන්නේ මට රොක් ගයන්න පුළුවන් කියලා. ඇත්තටම සුපර් ස්ටාර් නිසයි එවැනි වූ සැඟවිච්ච දක්ෂතාවයක් මං හඳුනා ගත්තේ.
* ඔබ සාමාන්‍යයෙන් මොන වගේ චරිතයක්ද? ගායනා කරන විට නම් ටිකක් සැරපරුෂ කෙනෙක් වගේ?

මං හරිම සංවේදී කෙනෙක්. හැබැයි ඒ සංවේදීකම හැකියාවෙන් වහගෙනයි මං ඉන්නේ. එතකොට මගේ මුහුණ දකින ඕනෑම කෙනෙකුට හිතෙන්න පුළුවන් මං බොහොම සැර කෙනෙක් කියලා. ඒත් එහෙම නැහැ. හිත යටින් මං හරිම සංවේදීයි.
* ගායිකාවක් වන්න නේද සිහින මැව්වේ?

අනිවාර්යයෙන්ම.
* එහෙනම් වෛද්‍යවරියක් වන්න අධ්‍යාපනය හදාරන්නේ?

මං යහමින් මුදල් තියෙන කෙනෙක් නෙවෙයි. වර්තමානයේ ගායන ක්ෂේත්‍රයට එන්න ටිකක් සල්ලි තියෙන්න ඕනේ. මං හිතාගෙන හිටියේ ඩොක්ටර් කෙනෙක් වෙලා සල්ලි හම්බ කරලා ගායිකාවක් වන්න. ඒත් සුපර් ස්ටාර් නිසා ඒ ගමන ඉතාම පහසු වුණා. හරියටම කිව්වොත් සිරස මාව මං යන්න හදපු ගමන ෂෝට් කට් එකකින් එක්කගෙන ගියා වගේ. මං දැනට පෞද්ගලිකව උසස් අධ්‍යාපනය හදාරනවා. දැනටමත් බොහෝ දුරට අධ්‍යාපන කටයුතු හමාරයි. දැන් වෛද්‍යවරියක වෙලාමයි නවතින්නේ. ඒත් ගායනයෙන් ඈත් වන්නේ නැහැ.
* අවසන් කොට මොනවද ඔබට කියන්න තියෙන්නේ?

මගේ අම්මා, මල්ලි සහ සිරස ආයතනයට තුති පුදනවා.

0 comments:

Post a Comment