Home » , » Sheryl romen Talk About rawatunu tharam Song

Sheryl romen Talk About rawatunu tharam Song

අපි ඩිවෝස්වෙන්න යනවයි කියල ආරංචියක් පතුරුවලා

පසුගිය සතියේ (10දා) ෂෙරිල් හිටියෙ නුවර.
  ෂූටින්වත්ද?


නෑ. අද මගේ Birthday එක. යාළුවොත් එක්ක නුවර ආවා. කොහොමටත් තාමත් දම්සාරිගෙ වැඩත් එක්ක තමයි මං ඉන්නේ.

     රුවන් ඔයා ගැන අලුතෙන් ගීතයක් ගැයුවේ නැද්ද?

මේ දවස්වල ඇහෙන රුවන්ගෙ 'රැවටුණු තරම්' ගීතය හින්ද අපිට ගොසිප් හොයන අය මඩගහනවා. ඒ ගීතය හින්ද අපි ඩිවෝස් වෙන්න යනවයි කියල ආරංචියක් පැතිරිලා. මේ දවස්වල අහන්න ලැබෙන්නෙම ඩිවෝස් කතන්දර හින්ද ගොසිප් හොයන අයටත් ඕනෑ අපිවත් ඩිවෝස් කරන්නයි. අපි විවාහ ගිවිසගත්තෙ ඩිවෝස් වෙන්න නෙවෙයි. මේ ගැන අහල මේ රටේ විතරක් නෙවෙයි විදෙස් රටවල ඉන්න මගේ රසික රසිකාවියන්ගෙනුත් නිතරම Calls එනවා.



     ඒ කියන්නේ ඔය ආරංචිය බොරුවක්.

අමූලික බොරුවක්. එහෙම නම් මගේ උපන්දිනේ දවසේ අද මාත් එක්ක රුවන් මෙහෙම ඉන්නවද?

    ඇත්තටම රුවන් මොකක්ද ඔය කතාව?

කතාවක් නැති වුණහමත් කතා හදන්න හදනවානේ. ඔය ගීතය මම ප්ලෑන් කළේ ෂෙරිල් හමුවෙන්නත් කලින්. ඒත් රිලීස් වුණේ වැරැදි වෙලාවක. ඒ වචන අල්ලාගෙන මඩ ප්‍රචාරයක් යනවා. ඔය වගේ කට කතාවලට ඉඩක් නෑ.



    ඔයගොල්ලන්ගේ විවාහ ගිවිස ගැනීමත් එක්ක රුවන්ට රසික රසිකාවියන්ගෙන් තිබිච්ච ප්‍රතිචාරවල අඩුවීමක් වුණාද?

අපි විවාහ ගිවිසගත්තා කියල රසික රසිකාවියන්ගෙන් අපිට තිබිච්ච ආදරේ චුට්ටක්වත් අඩුවෙලා නෑ. තව තවත් ඒ ප්‍රතිචාර වැඩිවුණා. ඒ අය ෂෙරිල්ටත් මටත් කැමැතියි. ඇත්තටම ප්‍රතිචාරවලින් ඒගොල්ලන්ගේ කැමැත්තත්, ආශීර්වාදයත් දැනෙනවා. නොදැක ඉන්න බෑ ගීතයට තිබිච්ච ප්‍රතිචාරත් තව තවත් වැඩිවෙලා.



    ඉතිං ෂෙරිල් රුවන් සැමියාවීම ගැන මොකද හිතෙන්නේ?

රුවන් මට පුදුම විදියට ආදරෙයි. මං ගැන හැමදේම හොයල බලනවා. ඒ විදියට කාලය ගතවෙනකොට ජීවිතේ ගැන හරි ආසා හිතෙනවා.



     එතකොට විවාහ උත්සවයටත් දැන් ලකලෑස්ති වෙනවද?

දෙසැම්බර්වල වගේ විවාහ උත්සවය ගන්නයි හිතාගෙන ඉන්නේ. හොඳට වගේම ලස්සනට හැම දෙයක්ම කරන්න අපි ප්ලෑන් කරනවා.

     ඉන්පස්සේ පදිංචියට කැමැති කොහේද?

ජීවත්වෙන්න ලංකාව තරම් හොඳ තැනක් මට ලෝකෙ කොහේවත් නෑ. ලංකාවෙ වුණත් නුවරට මම හරිම ආසයි. ඒත් අපි දෙන්නගෙම වැඩකටයුතු වැඩිපුරම තියෙන්නෙ කොළඹ හින්ද අපිට පදිංචියට කොළඹ තෝරාගන්න සිද්ධවෙනවා.



    අලුත් ජීවිතේ කොහොමද රුවන්

අලුත් ජීවිතේ බොහොම ආදරණීයයි. ජීවිතේට ආදරේ කියන්නෙ පුදුමාකාර සුන්දර හැඟීමක්. ෂෙරිල්ගෙ ආදරේ ඒ තරම්ම ඉහළයි. ගායකයෙක්වීම, ෂෙරිල් බිරියවීම, ඇගේ සහයෝගය මගේ තනිකඩ ජීවිතේ අහෝසි කළා. දැන් තනිවෙනවයි කියන එක හිතන්නත් අමාරුයි. ඒතරමට අපි ජීවිතෙත් එක්ක එකතුවෙලා.



     ඉදිරි දවස්වල ෂෙරිල්ගේ වැඩකටයුතු මොනවද?

මේ මාසේ ඇතුළත ඩාන්සින් ෂෝ එකකට මං විදෙස්ගත වෙනවා. රුවන් නම් ලංකාවේ. අවුරුදු දවස් හින්ද එයාට ප්‍රසංග වේදිකාවල ගී ගයන්න ගොඩක් ආරාධනා ලැබිල තියෙනවා.



     මේ අවුරුදු කාලෙ රුවන්ගෙ කාලය ගතවෙන්නෙ කොහොමද?

ඔව්. ප්‍රසංගවේදිකාවේ ගී ගයනවා. බ්ලී ප්‍රනාන්දුත් එක්ක මං ගායනා කරන 'ආලෙන් වෙලී' ගීතය අවුරුද්දෙන් පස්සේ රිලීස් කරන්න සූදානමක් තියෙනවා.

0 comments:

Post a Comment